දිනකට පැය 18ක විදුලි කප්පාදුවක්..ජනතාව දැඩි පීඩාවට.
ආර්ථික සහ බලශක්ති අර්බුදයකට මුහුණ පා සිටින පාකිස්තානයේ දිනක විදුලි කප්පාදුව පැය 18 ක් යැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.
ප්‍රධාන නගර ආශ්‍රිතව පැය 6 ත් 10 ත් අතර විදුලිය කප්පාදුවක් සිදුවන බවත්, පිට පළාත්වල පැය 18 ක විදුලිය කප්පාදුවක් සිදුවන බවත් වාර්තා කර ඇත්තේ පාකිස්තානයේ 'ඩෝව්න්' පුවත්පතයි.
විදුලි කප්පාදුව නිසාත්, රට මුහුණ දෙන බලශක්ති අර්බුදය නිසාත් කුඩා ව්‍යාපාර බොහොමයක් මේ වනවිටත් වැසී ගොස් ඇති බවත් පාකිස්තාන වැසියන් මහත් සේ පීඩාවට පත් වී සිටින බවත් විදෙස් වාර්තා පවසනවා.
මේ අතර, ඉන්දියාව මෙන්ම පාකිස්තානය ද දැඩි උණුසුම් කාලගුණයකින් පීඩා විදී. දැඩි උණුසුම මැද විදුලිය බලය නොමැති වීම නිසා ද පාකිස්තාන වැසියන් මහත් සේ අපහසුතාවට පත් වී සිටින බව වාර්තා වේ.
පාකිස්තානයේ විදුලි කප්පාදුව ආරම්භ වූයේ ආර්ථික අර්බුදය හේතුවෙන් ඉන්ධන මිලදී ගැනීමට මුදල් නොමැති වීම හේතුවෙනි.
අර්බුදය ආරම්භ වූයේ ධුරයෙන් නෙරපා දැමුණු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ රජය පැවැති අවස්ථාවේය.
මේ වනවිට අර්බුදය උත්සන්න වී ඇති අතර, ඊට විසඳුම් සෙවීමට සිදුවී ඇත්තේ නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ප්‍රමුඛ ඔහුගේ නව රජයටය.
විදුලිය කප්පාදුව හේතුවෙන් පාකිස්තාන නව රජය ජනතා අප්‍රසාදයට පත් වී ඇති බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |