නව මැනුම්පති තනතුරට පී.කේ.එල්.එස්. පඬුවාවල පත් කරයි
මැනුම්පති තනතුර වෙනුවෙන්, දැනට අතිරේක මැනුම්පති (මධ්‍යම) වශයෙන් සේවයේ නියුතු ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි පී.කේ.එල්.එස්. පඬුවාවල එළබෙන පෙබරවාරි 02 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පත්කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඒ මේ වන විට මැනුම්පති ලෙස කටයුතු කරනු ලබන එන්.කේ.යූ. රෝහණ අනිවාර්ය විශ්‍රාම යාමේ වයසට එළඹීම මතයි.
ඒ අනුව ඔහු ජනවාරි 31 වැනිදා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව ඇත.
මේ හේතුවෙන් මෙම නව පත්කිරීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.