අතිකාල දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගනී..
ආර්ථික අර්බුදය හමුවේ වියදම් පාලනය කිරීමට සිදුවෙලා සියලුම ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරීන්ගේ සහ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ දෛනික අමතර රාජකාරි සේවා කාලය පැය දෙකකින් වැඩි කිරීම සඳහා නිකුත් කළ චක්‍රලේඛය අහෝසි කරන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාට දැනුම් දී තිබෙනවා.
වෛද්‍යවරුන්ගේ දෛනික අමතර රාජකාරි සේවා කාලය පැය හතරේ සිට පැය හය දක්වා සංශෝධනය කරමින් පොදු චක්‍රලේඛයක් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර තිබිණි.
වෛද්‍යවරුන් අමතර රාජකාරි සිදු කිරීමේදී පැයක කාලයක් සඳහා රුපියල් 980 සිට 1500 දක්වා විවිධ පරාසයන් යටතේ ගෙවනු ලබයි.
දැනට විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු, දන්ත වෛද්‍යවරු විසිදහසකට අධික පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ දිවයින පුරා රෝහල්වල සේවය කරති.
වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි සඳහා පැය ගණන සංශෝධනය කරන්නේ නම් ආයතන අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතිය ලබාගන්නා ලෙස මුදල අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දී තිබේ.
තවද රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය වියදම් පාලනය කිරීමටද සිදුව ඇති බව මුදල අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දෙයි.
මෙම තත්ත්වය හේතුවෙන් නව යෝජනා හා දීමනා ලබාදීමේදී ඇමැති මණ්ඩල අනුමැතිය ලබාගත යුතු බව මුදල් අමාත්‍යාංශයේ අදහසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |