ආපදා මධ්‍යස්ථාන ජනතාවගෙන් පිරී ඉතිරී යයි

Report

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ පවුල් විසි දහසකට වැඩි ප්‍රමාණයක් තවදුරටත් සුරක්ෂා මධ්‍යස්ථානවල රැඳී සිටින බවයි.

එම මධ්‍යස්ථානය නිකුත් කර ඇති වාර්තා වලට අනුව රට පුරා පිහිටි සුරක්ෂා මධ්‍යස්ථාන 723ක පවුල් 22,096කට අයත් පුද්ගලයින් 66,132ක් මේ වන විටත් රැඳී සිටින බව සදහන් වේ.

බැංකු ගිණුම්වලට සල්ලි මෙන්න - ඉල්ලුම් කළේ නැත්නම් අදම ඉල්ලුම් කරන්න

බැංකු ගිණුම්වලට සල්ලි මෙන්න - ඉල්ලුම් කළේ නැත්නම් අදම ඉල්ලුම් කරන්න

මෙම සුරක්ෂා මධ්‍යස්ථාන අතුරින් වැඩිම මධ්‍යස්ථාන ප්‍රමාණයක් මේ වන විට පිහිටා ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ වන අතර එහි සුරක්ෂා මධ්‍යස්ථාන 218ක පවුල් 5,739කට අයත් පුද්ගලයින් 16,317ක පිරිසක් රැඳි සිටිති.

පසුව වැඩිම සුරක්ෂා මධ්‍යස්ථාන ප්‍රමාණයක් පිහිටා ඇත්තේ නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කයේ වන අතර නුවරඑළියේ සුරක්ෂා මධ්‍යස්ථාන 192ක පවුල් 6,225කට අයත් පුද්ගලයින් 19,719ක්ද බදුල්ල දිස්ත්‍රික්කයේ සුරක්ෂා මධ්‍යස්ථාන 155ක පවුල් 6,056කට අයත් පුද්ගලයින් 18,239ක ප්‍රමාණයක්ද මේ වන විටි රැඳී සිටියි.

ආයෙත් පාසල් වැසේ - හෙට පාසල් යන්න එපා

ආයෙත් පාසල් වැසේ - හෙට පාසල් යන්න එපා