Dialog හා Mobitel භාවිතා කරන ඔබට සුභ ආරංචියක්

Report

Dialog Axiata සහ SLT Mobitel වාණිජ 5G සේවා සඳහා සංඛ්‍යාත හිමිකරගෙන ඇත.

ඒ, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අද (18) පවත්වන ලද සංඛ්‍යාත අලෙවි කිරීමේ වෙන්දේසියේදිය.

බැංකු ගිණුම්වලට සල්ලි මෙන්න - ඉල්ලුම් කළේ නැත්නම් අදම ඉල්ලුම් කරන්න

බැංකු ගිණුම්වලට සල්ලි මෙන්න - ඉල්ලුම් කළේ නැත්නම් අදම ඉල්ලුම් කරන්න

මෙම සුවිශේෂී සන්ධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා මෙසේ පැවසීය.

“Dialog 5G Ultra ජාලය දියත් කිරීම, ශ්‍රී ලංකාව සඳහා ශක්තිමත් අනාගත ඩිජිටල් යටිතල පහසුකම් පිරිනැමීම වෙනුවෙන් අප තැබූ සුවිශේෂී පියවරක්. ඩිජිටල් ආර්ථිකයක් තුළ 5G තාක්ෂණය කියන්නේ වේගවත් සන්නිවේදනය පමණක් නොවෙයි. 5G තාක්ෂණය, වේගය අභිභවා නවෝත්පාදනය, කාර්යක්ෂමතාවය වගේම, සියලු දෙනා ඇතුළත් කරගැනෙන විසඳුම් සඳහා බලගන්වන ප්‍රධානතම සාධකයක්. ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය ලෙස, ඉදිරි වසර දෙක තුළ මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100 ක් ආයෝජනය කරමින් දිවයින පුරා එම සම්බන්ධතාවය ව්‍යාප්ත කිරීමට අප කැපවී කටයුතු කරනවා. එවිට, ඩිජිටල් ශ්‍රී ලංකාවේ පූර්ණ ප්‍රතිලාභ අත්විඳීමට, සෑම ශ්‍රී ලාංකිකයෙකුටම, ව්‍යාපාරයකටම වගේම සෑම කර්මාන්තයකටම අවස්ථාව සැලසෙන බව අපගේ විශ්වාසයයි. එමෙන්ම 5G සංඛ්‍යාත පරාසයන් වෙන්කරදීම වෙනුවෙන් මනා විනිවිදභාවයකින් යුත් වෙන්දේසියක් පැවැත්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමට මෙන්ම ශ්‍රී ලංකා රජයටද අපේ ස්තුතිය පිරිනැමෙනවා”