මිනීමැරුමකට අදාළව මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට
සර්ව ජන බලයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී මොහොමදු කාසිම් අබ්දුල් සමඩ් මහතා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
පොළොන්නරුව ප්‍රදේශයේ සිදු වූ මනුෂ්‍ය ඝාතනයකට අදාළව ඔහු පසුගියදා අත්අඩංගුවට ගත් අතර පසුගිය දිනෙක ආපදාවෙන් පීඩාවට පත් ප්‍රදේශවාසීන් පිරිසක් සහාය ඉල්ලා මන්ත්‍රීවරයා වෙත පැමිණි විට ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීමක් පදනම් කරගෙන මෙම නඩුව ගොනු කර ඇත.
පහරකෑමෙන් පැමිණි පුද්ගලයෙකුගේ දත් කිහිපයක් කැඩී ඇති අතර ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ මෙම මන්ත්‍රීවරයා එදින අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හරිනු ලැබු අතර ගැටුමට සම්බන්ධ වූ පුද්ගලයෙකු මියගොස් ඇත.
පසුව එයට අදාළව චෝදනා එල්ල වූ මන්ත්‍රීවරයා පොලොන්නරුව පුලස්තිපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබු අතර එසේ අත් අඩංගුවට පත් මන්ත්‍රීවරයා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.