මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක්

Report

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන පරිදි, මහවැලි ගඟ ආශ්‍රිත ඇතැම් පහත් බිම්වලට ඊයේ රාත්‍රියේ ලැබුණු වර්ෂාව සහ ගඟ ඉහළ පිහිටි ජලාශවලින් නිකුත් වන්නේ ජලය හේතුවෙන් ඉදිරි 24 පැය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවනිවේදනය කර ඇත.

විශේෂයෙන්ම, කින්නියා, මුතුර්, කන්තලේ, සේරුවිල, වැලිකන්ද, ලංකාපුර, තමන්කඩුව සහ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මහවැලි ගඟ ආශ්‍රිත පහත් ප්‍රදේශවල ජනතාවට අවදානයෙන් සිටිය යුතු බව දැනුම් දී ඇත.

එළවලු හා පලතුරු වගාව විනාසයි - අලුත්ම වාර්තාවක්

එළවලු හා පලතුරු වගාව විනාසයි - අලුත්ම වාර්තාවක්

එමෙන්ම, මඩකලපුව–පොළොන්නරුව මාර්ගයේ ගල්ලෑල්ල ප්‍රදේශයේ, සෝමාවතී රාජමහා විහාරය වෙත යන ප්‍රවේශ මාර්ගය සහ විහාරය අවට ප්‍රදේශයද ගංවතුරෙන් යටවීමේ අවදානමක් පවතින බව සඳහන් වේ.

ඒ අනුව, ඉදිරි දින කිහිපය තුළ සෝමාවතී රාජමහා විහාරය වෙත ගමන් කරන බැතිමතුන් සහ මහවැලි ගඟ ආසන්න ප්‍රදේශවල ජීවත් වන ජනතාව, ගංවතුර අවදානම පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවන අතර, ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර ඇත.

ඉදිරි පැය 36 තීරණාත්මකයි - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 36 තීරණාත්මකයි - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්