දික්ඕවිටට ගෙන ආ ධීවර යාත්‍රාවේ හෙරොයින් ගැන නවතම අනාවරණය මෙන්න [update]

Report

 බේරුවලට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී ශ්‍රී ලංකා නාවික හමුදා අවේක්ෂණ මෙහෙයුමක් අතරතුර සිය භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ හෙරොයින් කිලෝ ග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් තිබී විදෙස් බුද්ධි තොරතුරක් මත සොයා ගෙන තිබේ.

නාවික හමුදාපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ කාංචන බානගොඩ මහතා සදහන් කළේ අද (01) උදෑසන අදාළ ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ඒමෙන් පසු සිදුකළ පරීක්ෂණවලින් පසුව අදාළ ධීවර යාත්‍රාවේ තිබූ උර 298ක මෙම මත්ද්‍රව්‍ය තිබූ බවට අනාවරණය වූ බවයි.

 මෙම ධීවර යාත්‍රාව ලාංකික බහුදින යාත්‍රාවක් බවත් එහි සිටි සැකකරුවන් 6දෙනා සහ සන්නිවේදන කටයුතු සඳහා භාවිත කළ සන්නිවේදන උපකරණය ද නීතියට ඉදිරිපත් කර ඇතැයි නාවික හමුදාපතිවරයා තව දුරටත් ප්‍රකාශ කර තිබේ.

 අදාළ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 6,000ක් පමණ බවද නාවික හමුදාව සඳහන් කර තිබේ  .

මත්ද්‍රව්‍ය බවට සැක උර තොගයක් සමග නාවික හමුදා භාරයට ගත් බහුදින යාත්‍රාව දික්ඕවිටට

මත්ද්‍රව්‍ය බවට සැක උර තොගයක් සමග නාවික හමුදා භාරයට ගත් බහුදින යාත්‍රාව දික්ඕවිටට