රුපියල් මිලියන 2,500ක ආදායම් උත්පාදන ව්‍යාපෘතියක් - දිවයින පුරා ඇරඹේ
පුනරුදයේ පුරවර' වැඩසටහනින් පළාත් පාලන ආයතන සඳහා ආදායම් උත්පාදන ව්‍යාපෘති 100 කට වැඩි ප්‍රමාණයක් ඇරඹෙයි දිවයින පුරා පිහිටි පළාත් පාලන ආයතන මට්ටමින් නව ආදායම් උත්පාදනය කිරීමේ ව්‍යාපෘති 100 කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඊට අදාළ දිස්ත්‍රික් මට්ටමේ සමාරම්භක උත්සව අද (14) දිවයින පුරා පැවැත්වුණු අතර, එහි පුත්තලම් දිස්ත්‍රික් සමාරම්භක අවස්ථාව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
හම්බන්තොට දිස්ත්‍රික් වැඩසටහන පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ සහභාගීත්වයෙන් ද, කුරුණෑගල වැඩසටහන කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ද ආරම්භ විය.
පළාත් පාලන ආයතන ස්වයංපෝෂිත කිරීම අරමුණු කරගනිමින් ආරම්භ කළ මෙම වැඩසටහන යටතේ වෙළඳ සංකීර්ණ, කායවර්ධන මධ්‍යස්ථාන, ගොඩනැගිලි ද්‍රව්‍ය තත්ත්ව පර්යේෂණාගාර, කොන්ක්‍රීට් වැඩපළ, පානීය ජල ව්‍යාපෘති, කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘති, වී වේලන මධ්‍යස්ථාන, සංචාරක පහසුකම්, ගෘහස්ත ක්‍රීඩාංගණ, සූර්ය බලශක්ති පද්ධති, පෙර පාසල් හා ළමා උද්‍යාන, දේශීය ආහාර නිෂ්පාදන හා සැකසුම් මධ්‍යස්ථාන, අවන්හල්, අවමංගල්‍ය ශාලා, සංචාරක බංගලා, රථ ගාල් සහ විදුලි වාහන නැවත ආරෝපණය කරන මධ්‍යස්ථාන ඇතුළු පොදුජන අවශ්‍යතා රැසක් ඉටුවන ආදායම් උත්පාදන ව්‍යාපෘති රැසක් ස්ථාපිත කිරීමට නියමිතය.
දීර්ඝ කාලයක් මුළුල්ලේ සිදු වූ නාස්තිය, අක්‍රමිකතා සහ මහජන නියෝජිතයන් නොමැතිව පැවතීම හේතුවෙන් බිඳවැටී තිබූ පළාත් පාලන පද්ධතිය නැවත ගොඩනැගීම සඳහා රජය විසින් "පුනරුදයේ පුරවර" ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
මීට පෙර ජූලි 14 වනදා දිවයින පුරා ග්‍රාමීය පාලම් 800 ක් ඉදිකිරීමේ දැවැන්ත ව්‍යාපෘතිය ද ආරම්භ කෙරුණේ මෙම වැඩසටහන යටතේය. පළාත් පාලන ආයතන මධ්‍යම රජයේ ප්‍රතිපාදන මත යැපීම අවම කරමින්, ආර්ථික වශයෙන් ස්වාධීන ආයතන බවට පත්කිරීම වෙනුවෙන් මෙවර අයවැය මඟින් රුපියල් මිලියන 2,500 ක කාර්ය සාධන ප්‍රාග්ධන ප්‍රදානයක් වෙන් කර ඇත.
අදාළ ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාදී ඇත්තේ පළාත් පාලන ආයතනවල පසුගිය වසරවල කාර්ය සාධනය සහ වසර 5 ක් ඇතුළත ආයෝජිත මුදල නැවත උපයාගැනීමට ඇති ශක්‍යතාව පිළිබඳ විශේෂ කමිටු සමාලෝචනයකින් අනතුරුවය.