ශ්‍රී ලංකා - ඕමාන් වෙළෙඳ හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීමට අවධානය

Report

ඕමාන් සුල්තාන් රාජ්‍යයේ වාණිජ අමාත්‍යාංශයේ විදේශ වෙළෙඳ හා ජාත්‍යන්තර සහයෝගිතා උපදේශක පංකජ් කිම්ජි මහතා ඇතුළු දූත පිරිස අගෝස්තු 13 වැනිදා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවිය.

මෙහිදී ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙන්ම, ශ්‍රී ලංකාවේ පවතින හිතකර ව්‍යාපාරික පරිසරය ප්‍රයෝජනයට ගනිමින් ආයෝජන අවස්ථා පුළුල් කිරීම පිළිබඳව අවධානය යොමු විය.

තෝරාගත් ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීමට මෙන්ම ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව සොයා බැලීමට ඕමානය සූදානම් බව පංකජ් කිම්ජි මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

විභාග අපේක්ෂකයින් කළඹමින් අද උසස් පෙළ විභාගය ගැන අසත්‍ය පුවතක් පළ කළ අයට වැඩ වරදී - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

විභාග අපේක්ෂකයින් කළඹමින් අද උසස් පෙළ විභාගය ගැන අසත්‍ය පුවතක් පළ කළ අයට වැඩ වරදී - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

ශ්‍රී ලංකාව වෙත වැඩි ආයෝජන ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින්, මෙරට පවතින විවිධ ආයෝජන අවස්ථා පිළිබඳව සලකා බලන ලෙස අග්‍රාමාත්‍යතුමිය ඕමාන ආයෝජකයින් වෙත ආරාධනා කළාය. දෙරටේ ව්‍යාපාරික ප්‍රජාවන් අතර වඩාත් සමීප සබඳතා ගොඩනැගීමේ වැදගත්කම පිළිබඳව ද ඇය අවධාරණය කළාය.

වෙළෙඳ, ආයෝජන සහ ව්‍යාපාරික සහයෝගිතාව සඳහා නව ක්ෂේත්‍ර හඳුනාගැනීම මෙන්ම දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා තවදුරටත් වර්ධනය කිරීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මහ බැංකුවෙන් නරක ආරංචියක් - රුපියලේ පිරිහීමත් එක්ක මේ බැංකු ගනුදෙනුකරුවන්ට දෙන ණය පොලී අනුපාතය අහස උසට යයි

මහ බැංකුවෙන් නරක ආරංචියක් - රුපියලේ පිරිහීමත් එක්ක මේ බැංකු ගනුදෙනුකරුවන්ට දෙන ණය පොලී අනුපාතය අහස උසට යයි

එමෙන්ම, පෞද්ගලික අංශ අතර සබඳතා ශක්තිමත් කරමින් දෙරට අතර ව්‍යාපාරික සහයෝගිතාව පහසු කිරීම සඳහා ශ්‍රී ලංකා–ඕමාන් ව්‍යාපාරික සභාවක් ස්ථාපිත කිරීම පිළිබඳ යෝජනාවක් ද ඕමාන දූත පිරිස විසින් ඉදිරිපත් කරන ලදී. දෙරට අතර වෙළෙඳ සබඳතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා ඉදිරි කටයුතු සිදුකිරීම පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු විය.

මෙම අවස්ථාවට ඕමාන් සුල්තාන් රාජ්‍යයේ තානාපති අහමඩ් අල්-රෂ්ඩි මහතා, උපදේශක කාර්යාලයේ ව්‍යාපෘති අංශයේ අධ්‍යක්ෂ මූසා අල්-ඛරුසි මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සගරිකා බෝගහවත්ත මහත්මිය ඇතුළු විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ නිලධාරීහු සහභාගි වූහ.

සුබ ආරංචියක් - මේ උපාධිධාරීන් රාජ්‍ය සේවයට

සුබ ආරංචියක් - මේ උපාධිධාරීන් රාජ්‍ය සේවයට