රජයේ රෝහල්වල රෝගීන් 25,000ක් අමාරුවේ - හෘද සැත්කම් 2029 දක්වා කල් යයි
රජයේ රෝහල්වල හෘද සැත්කම්, ප්‍රධාන පෙළේ වෙනත් සැත්කම් සහ අත්‍යවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ සිදුකර ගැනීමට නොහැකිව රෝගීන් 25,000කට අධික පිරිසක් පොරොත්තු ලේඛනවල සිටින බව වාර්තා වේ.
මෙම තත්ත්වයේ බරපතළම කරුණක් ලෙස හෘද සැත්කම් සඳහා වන පොරොත්තු ලේඛන ඇතැම් අවස්ථාවල 2029 වසර දක්වා දීර්ඝ වී තිබීම පෙන්වා දිය හැකිය. ජීවිතය බේරා ගැනීම සඳහා කඩිනම්ව සිදුකළ යුතු සැත්කමක් වෙනුවෙන් වසර ගණනාවක් බලා සිටීමට සිදුවීම රෝගීන්ගේ ජීවිත සම්බන්ධයෙන් දැඩි අවදානමක් මතු කරයි.
මෙම අර්බුදය හෘද සැත්කම්වලට පමණක් සීමා වී නොමැති අතර, ප්‍රධාන ශල්‍යකර්ම සහ අත්‍යවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ සඳහාද දිගු පොරොත්තු ලේඛන පවතින බව සඳහන් වේ.
අගෝස්තු 15 ට පෙර වහාම ක්‍රියාත්මක වන්නැයි අනතුරු ඇඟවීමක් - OTPP, ලංකා බැංකුවේ සහ ඕනෑම මහජන බැංකු ශාඛාවකින් ගෙවීමේ පහසුකම්
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ, පෞද්ගලික රෝහල්වල මිල අධික ප්‍රතිකාර සඳහා වියදම් කිරීමට හැකියාවක් නොමැති රෝගීන් විශාල පිරිසක් රජයේ රෝහල් පද්ධතිය මත යැපෙන බවයි.
ඒ අනුව, පෞද්ගලික අංශයෙන් කඩිනම් ප්‍රතිකාර ලබාගැනීමට හැකියාව ඇති පිරිසට සාපේක්ෂව ආර්ථික අපහසුතා ඇති රෝගීන්ට දිගු කාලයක් පොරොත්තු ලේඛනවල රැඳී සිටීමට සිදුවීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සමානාත්මතාව පිළිබඳවද ගැටලු මතු කරයි.
විභාග අපේක්ෂකයින් කළඹමින් අද උසස් පෙළ විභාගය ගැන අසත්‍ය පුවතක් පළ කළ අයට වැඩ වරදී - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්
පොරොත්තු ලේඛන අවම කිරීම සඳහා ජනාධිපති අරමුදල හරහා ප්‍රතිපාදන ලබාදීමට රජය පියවර ගන්නා බව මීට පෙර ප්‍රකාශ කර තිබුණද, එම වැඩපිළිවෙළ ප්‍රායෝගිකව කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මතුව තිබේ.
මෙම තත්ත්වයට කෙටිකාලීන විසඳුමක් ලෙස, රජයේ රෝහල්වල පොරොත්තු ලේඛනවල සිටින රෝගීන් සඳහා ජනාධිපති අරමුදලේ ප්‍රතිපාදන යොදාගෙන නියමිත මිල ගණන් යටතේ පෞද්ගලික රෝහල්වලදී සැත්කම් සිදුකර ගැනීමට අවස්ථාව ලබාදීමේ යෝජනාවක්ද ඉදිරිපත් වී ඇත.
එමෙන්ම රජයේ රෝහල්වල දිනකට සිදුකරන සැත්කම් සංඛ්‍යාව ඉහළ නැංවීම සඳහා අමතර සේවාවල නිරත වන වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අතිරේක දීමනා ලබාදෙමින් ඔවුන්ගේ සේවය වැඩි වශයෙන් ලබාගැනීමේ අවශ්‍යතාවද පෙන්වා දී තිබේ.
පවතින අර්බුදයට ස්ථිර විසඳුමක් ලබාදීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් පුහුණු කිරීමේ ධාරිතාව ඉහළ නැංවීම, රෝහල් පහසුකම් සහ ශල්‍යාගාර පුළුල් කිරීම මෙන්ම ශල්‍යකර්ම හා රෝග විනිශ්චය සඳහා අවශ්‍ය නවීන උපකරණ හිඟය අවම කිරීම අත්‍යවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි.
කෙටිකාලීන පියවර මගින් පොරොත්තු ලේඛනවල පවතින තදබදය යම් ප්‍රමාණයකට අවම කළ හැකි වුවද, සෞඛ්‍ය පද්ධතියේ සමස්ත ධාරිතාව ඉහළ නැංවීමකින් තොරව මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදීම අසීරු වනු ඇත.
රෝගීන් දහස් ගණනක් සැත්කම් සහ අත්‍යවශ්‍ය ප්‍රතිකාර සඳහා වසර ගණනාවක් බලා සිටින තත්ත්වය, ශ්‍රී ලංකාවේ පොදු සෞඛ්‍ය සේවය ඉදිරියේ ඇති බරපතළ අභියෝගයක් බවට පත්ව තිබේ. එබැවින් පොරොත්තු ලේඛන කඩිනමින් අවම කරමින් රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර නිසි වේලාවට ලබාදීම සඳහා කඩිනම් හා ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ.