මෝල්පේ ආනන්දාරාමාධිපති පූජ්‍ය බේරුවල ආනන්ද හිමියෝ අපවත් වෙති

Report

මොරටුව, මෝල්පේ ආනන්දාරාමාධිපති, ශාසනකීර්ති ශ්‍රී ධර්මාභිමාන කලා විභූෂණ, ගෞරවශාස්ත්‍රවේදී පූජ්‍ය බේරුවල ආනන්ද ස්වාමින්වහන්සේ අපවත් වී තිබේ.

රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ මෙලෙස අපවත් වී ඇත්තේ ඊයේ (13) දිනයේදීය.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඇඟ හිරිවැටෙන අනාවරණයක් - ආරක්ෂාවට දැඩි බලපෑමක් බවට විගණන වාර්තාවක්

මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඇඟ හිරිවැටෙන අනාවරණයක් - ආරක්ෂාවට දැඩි බලපෑමක් බවට විගණන වාර්තාවක්

අපවත් වී වදාළ උන්වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පානදුර ප්‍රාදේශීය සංඝ සභාවේ දිසා පාලක ධුරය උසුලමින් අතිමහත් ශාසනික සහ සාමාජික මෙහෙවරක නිරත වූ යතිවරයන් වහන්සේ නමකි.

අපවත් වී වදාළ බේරුවල ආනන්ද ස්වාමින්වහන්සේගේ ආදාහන පූජෝත්සවය එළඹෙන ඉරිදා (16) පස්වරු 3.00 ට මොරටුව, ලුනාව කලපුව ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතව ඇත.

අමානුෂිකව පහර දී අවුරුදු 4ක දැරියක් පාළු පාරක දමා ගිය සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට

අමානුෂිකව පහර දී අවුරුදු 4ක දැරියක් පාළු පාරක දමා ගිය සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට