කොවිඩ් මර්ධනයට මෙරටට ඕස්ට්‍රේලියාවෙන් ආධාර

Covid donation Covid 19 donations Ostralia to sri lanka
By Sithumi May 24, 2021 11:45 AM GMT
Report

ශ්‍රී ලංකා රජයේ කොවිඩ් -19 මර්දන වැඩසටහනට ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 5.5ක මුදලක් පිරිනමන බව ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය මරිස් පෙයින් පවසා තිබේ. මේ

සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හොලී සඳහන් කර ඇත්තේ,

"ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන කොවිඩ් -19 තත්ත්වය වටහාගෙන සිටින අප අසල්වැසි ශ්‍රී ලංකාවට සහායදීමට සූදානමින් සිටින්නෙමු," යනුවෙනි. ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන වැඩසටහනට ඔස්ට්‍රේලියාව ලබාදෙන සමස්ත පැකේජය ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 11.7කි. එය ශ්‍රී ලංකා රුපියල් මිලියන 1,787ක් වෙයි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now