NPP මන්ත්‍රී අජිත් ගිහාන් අත්අඩංගුවට ගන්න නියෝග

Report

ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හලාවත මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලිසියට නියෝග කර තිබෙනවා. 

ඒ ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයෙකු වන ජගත් සමන්තගේ නිවසට හානි කිරීමක් පිළිබදව හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩුව ඊයේ (24) දිනයේ කැදවු අවස්ථාවේ ඔහු අධිකරණයට නොපැමිණීම හේතුවෙන්.

PZPCSMQ

ඊයේ දිනයේ පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගි වූ බැවින් අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් කියා සිටියේ.

ඒ සම්බන්ධයෙන් තම නීතිඥයා ඉදිරියේදි අධිකරණයට දැනුම් දෙනු ඇති බවද ඔහු සඳහන් කළා.  

අමාත්‍ය නලින්දගේ පාලනයට විරුද්ධ වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

අමාත්‍ය නලින්දගේ පාලනයට විරුද්ධ වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය