එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට වැඩ වරදියි - අධ්‍යක්ෂවරුන්ට අද දුන් නියෝගය
මීට පෙර කොළඹ වරාය අවට ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරුන්ට රටෙන් පිටවීම වළක්වන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය සහ කොළඹ මහාධිකරණය නියෝග නිකුත් කර ඇති බව නීතිපතිවරයා අද (26) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
මෙම නියෝග, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ක්‍රියාත්මක වීම පිළිබඳ පරික්ෂා කිරීමේ අරමුණින් නිකුත් කර ඇති බව සඳහන් වේ.
මෙම දැනුම්දීම, නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අද පෙත්සම් සම්මුඛය කැඳවූ අවස්ථාවේදී සිදුකර ඇත.