මේ විදිහට වෙනස් වෙන්න

Report

ගොඩක් අය ඔයාව ඉක්මනට  මිස්  අන්ඩර්ස්ටෑන්ඩ් කරනවද? බොහෝම ඉක්මනට ඔයාව ජජ් කරන්න හදනවද?

ඔයාව තේරුම් නොගත්ත අය වෙනුවෙන් ඇයි ඔයා ඉතිං ඔයාගෙ කාලෙ නාස්ති කරගන්නේ .

ඔයාඅනිත් අය ගැන හිත හිත තාමත් විදවන කෙනෙක්ද ඇයි එහෙම එයාලා මට කළේ කියලා හිත  හිත  ඉන්නවද .

ඒත් ඒකෙන් වෙන්නේ ඔයාගෙ කාලෙ යන එක විතරමයි . ඉතිං තමන් හරිනම් හරි දේ කරනවනම් කවදාවත් අනිත් අය මෙහෙම හිතයිද කියලා දුක් වෙන්න එපා ඉස්සර මමත් කල්පනා කළා අනිත් මොනව හිතයිද කියලා ඒත් අපි හරිනම් ඒ දේ ගැන වද විය යුතු නැහැ .

මේ විදිහට වෙනස් වෙන්න | Let S Make A Change From Today

අපි හැම වෙලාවෙම මතක තියාගන්න ඕනෙ ජජ් කරන හැමදේම හරියන්නේ නැහැ . ඒ නිසා අනිත් අය ගැන ජජ් කරන්නවත්, මම ගැන අනිත් අය මොනව හිතයිද කියලා හිතන්නවත් යන්න එපා . ඔයා හරිනම් ඔයා සතුටින් නිදහසේ ජීවත් වෙන්න මනස බාහිර ඒ දේවල් වලින් නිදහස් කර ගන්න.

ඉතිං ඔයත් අද ඉදන් ඕනෙවට වඩා බාහිර දේ ගැන හිතන එක නවත්තලා සතුටින් නිදහසේ ජීවත් වෙන්න උත්සාහ කරන්න.....

මේ විදිහට වෙනස් වෙන්න | Let S Make A Change From Today