තවත් අනතුරු ඇඟවීමේ නිවේදනයක් - දුම්රිය දෙපාර්තමේන්තුවත් වර්ජනයක් ද?
පවතින් ගැටලු වහාම විසඳීමට කටයුතු නොකළහොත්, නීත්‍යානුකූලව හිමි වී ඇති වෘත්තීය අයිතීන් අනුව වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවට දුම්රිය ස්ථානාධිපති සංගමය අනතුරු අඟවා ඇත.
ඒ අනුව මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව තුළ දිගින් දිගටම පවතින පරිපාලන අකාර්යක්ෂමතාවයන් නිසා මගී ජනතාවට මෙන්ම දුම්රිය සේවකයින්ටත් දැඩි අපහසුතාවලට මුහුණ දීමට සිදුව ඇති බව මාධ්‍ය නිවේදනය නිකුත් කරමින් අඳාළ සංගමය සඳහන් කරයි.
ඔවුන් සඳහන් කරන්නේ දුම්රිය ස්ථානාධිපති බඳවාගැනීම් සහ උසස්වීම් සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය බඳවාගැනීමේ පරිපාටියට අදාළ අන්තර් කාලීන විධිවිධාන සකස් කර ක්‍රියාත්මක කිරීම දිගින් දිගටම ප්‍රමාද කරමින් පවතින අතර, එය දුම්රිය ස්ථානාධිපතිවරුන් අතර රාජකාරි කාර්යක්ෂමතාවයටත්, සේවකයින්ගේ මානසිකත්වයටත් අහිතකර ආකාරයට බලපා ඇති බවටයි.
එසේම රජය විසින් රාජ්‍ය සේවකයින්ට ලබා දෙන ආපදා ණය මුදල රු. 400,000/- ක් දක්වා ඉහළ දමා ඇති පසුබිමක, දුම්රිය දෙපාර්තමේන්තුව විසින් එම මුදල රු. 250,000/- ක් දක්වා අඩු කර ලබා දීමට තීරණය කිරීම බරපතළ ගැටලුවක් බව ද එම සංගමය සඳහන් කරයි.
ඒ අනුව අඳාළ ක්‍රියාවලිය රජයේ නිල තීරණයක් සෘජුවම හෑල්ලුවට ලක් කිරීමක් වන අතර, දුම්රිය සේවකයින්ට සිදුවන බරපතළ අසාධාරණයක් බැවින් ඒ පිළිබඳව දැඩිව විරෝධය පළ කරන බව ද අඳාළ නිවේදනයේ දක්වා ඇත.
තවද දුම්රිය ධාවනය නිසි ආකාරයට සැලසුම් නොකිරීම, කාලසටහන් අක්‍රිය වීම සහ මෙහෙයුම් දුර්වලතා නිසා දිනෙන් දින මගී ජනතාව දැඩි අපහසුතාවයන්ට ලක්වෙමින් පවතින අතර මෙම තත්ත්වයට දෙපාර්තමේන්තු පරිපාලනය සෘජුව වගකිව යුතු බවත් ඔවුන් පෙන්වා දෙයි.