වැසි රහිත කාලගුණික තත්ත්වය ගැන ආරංචියක්

Report

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ .

සුළං නැගෙනහිර සිට ඊසාන දක්වා වන දිශාවලින් හමා එනු ලබයි .

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වන අතර පුත්තලම සිට මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (45-50) දක්වා වැඩි විය හැකි බවයි .

පුත්තලම සිට මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකිය දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු වේ .