මෙන්න මේ අය හොරෙන් මුදල් ගරනවලු පරිස්සම් වෙන්න
ඊශ්‍රායල් රැකියා සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු හා රැකියා ලබාදෙන බව පවසමින් සමාජ මාධ්‍ය පිටු මඟින් හා සමාජ මාධ්‍ය සමූහයන් ඔස්සේ මුදල් වංචාකරන ජාවාරම්කරුවන් පිළිබඳව කාර්යාංශය වෙත දිනෙන් දින තොරතුරු වාර්තා වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කර තිබේ .
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළ්රේ ඔබගේ විදේශ ගමන් බලපත්‍රය හෝ මුදල් යම් ආයතනයකට ලබාදීමට පෙර නීත්‍යානුකූලභාවය පිළිබඳ සැලකිලිමත් වන ලෙසයි .
එමෙන්ම විදේශ රැකියා තොරතුරු පිළිබඳ දැන ගැනීමට 1989 දුරකථන අංකයට අමතන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තව දුරටත් සදහන් කර ඇත.