වයස අවුරුදු 16ත් 22ත් අතර අය ගැන භයානක ආරංචියක්

Report

අධිකරණ මනෝ වෛද්‍ය විශේෂඥ තාරක ප්‍රනාන්දු මහතා විසින් ඉකුත් වසර 10ක කාලය තුළ වයස අවුරුදු 16ත් 22ත් අතර තරුණ පිරිසගේ අපරාධ චර්යාවන් ඉහළ ගොස් ඇති බව ප්‍රකාශ කරයි.

ඒ අනුව එය මේ වනවිට මෙරට සිදුකළ පර්යේෂණ හරහා හෙළි වී ඇති බවත් ලෝකය පුරාම මෙම තත්ත්වය දැක ගත හැකි බවත් ඔහු පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ මානසික සෞඛ්‍ය විද්‍යායතනයට වසර 100ක් පිරීම නිමිත්තෙන් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එසේම වෛද්‍යවරයා තවදුරටත් සඳහන් කළේ, ලංකාවේ 2015 සහ 2016ට ආසන්න කාලයේ සංඛ්‍යාත්ම දත්ත දෙස බැලීමේ දී අධිකරණය මඟින් නඩු විභාගයක් සිදුකර චෝදනාවට ලක් වී දඬුවමක් ලැබූ අයගේ ප්‍රමාණය 200%කින් පමණ ඉහළ ගොස් තිබෙන බවයි.

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට හෙටයි අනිද්දයි විශේෂ වැඩක්

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට හෙටයි අනිද්දයි විශේෂ වැඩක්

එමෙන්ම එය ව්‍යසනකාරී තත්ත්වයක් වන බවත් එය එසේම පැවතුණහොත් ඉදිරියේ දී වයස අවුරුදු 16ත් 22ත් අතර පිරිසගෙන් බන්ධගාර පිරී යනු ඇති බවත් වෛද්‍යවරයා අවධාරණය කරයි.

තවද මානසික ගැටලු, එසේ නොමැතිනම් උන්මන්තක පුද්ගලයින්ගෙන් වැඩි ප්‍රමාණයක් අපරාධකරුවන් බවට සමාජය තුළ මතයක් මුල් බැසගෙන තිබෙන අතර, එය සම්පූර්ණයෙන්ම මිත්‍යාවක් වන බවද ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම වෛද්‍යවරයා ප්‍රකාශ කළේ මෙම පුද්ගලයින් දෙස විවෘත මනසකින් බලා අවශ්‍ය ප්‍රතිකාර සිදුකිරීම හරහා ඔවුන්ව වෙනස් කිරීමේ හැකියාව ඇති බවයි.

මෙම පුද්ගලයින් තුළ නිර්මාණාත්මක කුසලතා ඇති බවත් ඔවුන් අපරාධවලට යොදන හැකියාව වෙනත් දෙයකට යෙදවීම හරහා පුනරුත්ථාපනය සිදුකළ හැකි බවත් අධිකරණ මනෝ වෛද්‍ය විශේෂඥ තාරක ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින් කියා සිටි‍යා.

අනිද්දා උදේ 8 ඉඳන් දිවයින පුරා වෙන්නේ මේකයි - අනතුරු ඇඟවීමක්

අනිද්දා උදේ 8 ඉඳන් දිවයින පුරා වෙන්නේ මේකයි - අනතුරු ඇඟවීමක්

ඒ අනුව එවැනි පුද්ගලයින්ව පුනරුත්ථාපනය කිරීමට විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුගතව කටයුතු කළ යුතු බවද තාරක ප්‍රනාන්දු මහතා කියා සිටියා.

එසේම දකුණු ආසියාවේ ඇති විශාලතම අධිකරණ මනෝ වෛද්‍ය අංශය මෙරට පිහිටා ඇති බවද මෙහිදී ඔහු සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යවරයා පැවසුවේ අධිකරණය මඟින් යොමු කරන රෝගීන්ගේ අපරාධ චර්යා සම්බන්ධ මනෝභාවය එම අපරාධය සිදුවන අවස්ථාවේ කෙසේද යන්න සොයා බැලීම, ඔවුන්ට අධිකරණයක නැවත විත්ති වාචික දීමේ හැකියාව පවතින්නේ ද යන්න සොයා බැලීම හා සමාජ සුරක්ෂිතතාවය තහවුරු කිරීම යන කරුණු අධිකරණ මනෝ වෛද්‍ය අංශයෙහි කාර්යභාරය වන බවයි.

විභාග දෙපාර්තුමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - අවසන් දිනයට කලින් භාරදෙන්න

විභාග දෙපාර්තුමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - අවසන් දිනයට කලින් භාරදෙන්න