මිදිගම ලසා මැරුවට දැවැන්ත උද්ඝෝෂණයක්
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පාමින් බියගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ සිටින සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ඊයේ ( 06 වැනිදා ) පෙරවරුවේ බියගම ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාව ඉදිරිපිට පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් නිහඬව විරෝධය පළ කර ඇත.
බියගම ප්‍රාදේශීය සභාවේ මෙවර නොවැම්බර් මාසික සභා රැස්වීම ඊයේ ( 06 වැනිදා ) පෙරවරුවේ පැවැත් වූ අතර මේ විරෝධතාව එම රැස්වීමට පෙර පවත්වා ඇති බව වාර්තා වේ.
එහිදි එම ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ සිටින සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් එම නිහඬ විරෝධතාවයේ නිරත වී ඇත. බියගම ආසනයේ සජබ ප්‍රධාන සංවිධායක ප්‍රදේශීය සභා මන්ත්‍රී යු.ජෝර්ජ් පෙරේරා හා මන්ත්‍රීනි එරන්දි හෙට්ටිආරච්චිගේ මුලිකත්වයෙන් මෙය සංවිධානය කර ඇත.