සැත්කමකට ගිය හිටපු ජනපති රනිල්ගේ තත්ත්වය ගැන අනාවරණයක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ශල්‍ය කර්මයක් සිදුකර ඇති අතර, එය සාර්ථකව සිදු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.
එම සැත්කම සිංගප්පූරුවේ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකදී සිදුකර ඇති බවට සඳහන්.
මෙම අවස්ථාවේ දී ඔහුට ඉක්මන් සුවය ලැබේවා යයි ද රවී කරුණායක මන්ත්‍රීවරයා ප්‍රාර්ථනා කර තිබේ. වරාය නගර කොමිෂන් සභා පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදී මෙම ප්‍රකාශය සිදු කළ බවද සඳහන් වේ.