ශ්‍රී ලංකාවට නව බලශක්ති සැලසුමක්

Report

මෙරට කෘෂිකාර්මික අපද්‍රව්‍ය ඇති ප්‍රදේශ හඳුනාගෙන එහිදී බයෝගෑස් හෝ ගෑස් නිෂ්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම කෙරෙහි නෝර්වේහි විශේෂ අවධානය යොමු වී ඇත.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ නෝර්වේහි කොන්සලර් ස්ටර්ල් හැරල්ඩ් පීඩර්සන් අතර ඊයේ (18) පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය වී ඇත.

සාකච්ඡාවේදී පුනර්ජනනීය බලශක්ති කෘෂිකර්මාන්තය සඳහා යොදාගැනීමේ වැදගත්කම පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා වූ බව සඳහන්ය.

නෝර්වේ කොන්සලර්වරයා විසින් බලශක්ති නිෂ්පාදනය කිහිප ආකාරයකින් සිදු කිරීම සම්බන්ධයෙන් විස්තර ඉදිරිපත් කළේය.

ඒ අනුව, සුළං ශක්තිය, සූර්ය ශක්තිය සහ සාගර උදම් රළ මඟින් බලශක්ති නිපදවීමට ශ්‍රී ලංකාවට සහය විය හැකි බව ඔහු ප්‍රකාශ කළේය. ඊට අදාළව සකස් කළ ව්‍යාපෘති වාර්තාවක් ද අමාත්‍යවරයා වෙත භාර දුන් බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.

පාසල් සිසුන්ට බදාදා නිවාඩුවේ Online උගන්නයිද? ගෙදර හිටියට නිකන් ඉන්න බැහැ - විදුහල්පතිවරුන්ට නිවේදනයක්

පාසල් සිසුන්ට බදාදා නිවාඩුවේ Online උගන්නයිද? ගෙදර හිටියට නිකන් ඉන්න බැහැ - විදුහල්පතිවරුන්ට නිවේදනයක්

කොන්සල්වරයා නිරීක්ෂණය කර ඇති පරිදි, ශ්‍රී ලංකාවේ දිවා කාලයේ සූර්ය බලශක්තිය වැඩිපුර නිෂ්පාදනය වන අතර, එම අමතර බලශක්තිය භාවිතා කරමින් ජලය විද්‍යුත් විච්ඡේදනය මඟින් හරිත හයිඩ්‍රජන් නිෂ්පාදනය කළ හැකි බව පෙන්වා දුන්හ.

මෙලෙස නිපදවන හයිඩ්‍රජන් කෘෂිකාර්මික ක්ෂේත්‍රය ඇතුළු සෑම අංශයකටම ඉන්ධනයක් ලෙස භාවිතා කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සාකච්ඡාව නෝර්වේ සමඟ ශ්‍රී ලංකාවේ කොළඹ වරාය වැනි උපායමාර්ගික සම්පත් භාවිතා කරමින් හරිත හයිඩ්‍රජන් හා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ උත්සාහයක කොටසක් ලෙස සැලකේ.

කුලියාපිටියේ යතුරුපැදි පහරදීම CCTV දර්ශනයෙන් හෙළිවෙයි

කුලියාපිටියේ යතුරුපැදි පහරදීම CCTV දර්ශනයෙන් හෙළිවෙයි