පාසල් දරුවන්ට Online ඔස්සේ අකුරු කරන්න නොමිලේ භාවිත කළ හැකි මෘදුකාංගයක්.

Sri Lanka School Namal Rajapakshe Online softwer
By Aruna Jun 09, 2021 04:41 AM GMT
Report

පාසල් දරුවන්ට නිවසේ සිට Online තාක්ෂණය ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදුකිරීම සදහා නොමිලේ භාවිත කළ හැකි මෘදුකාංගයක් ඉදිරි සති කිහිපය තුළ හඳුන්වාදෙන බව ඩිජිටල් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මෙම නව මෘදුකාංගය සුප්‍රකට Zoom මෘදුකාංගයට සමාන එකක් වන අතර, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමග එක්ව එය හඳුන්වාදෙන බවයි නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ.

දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව සසඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now