මෙරට online ක්‍රමය 60%කින් අසාර්ථකයි..සියලු දරුවන්ට නොමිලේ ඉගෙන ගන්න නව ක්‍රමයක්.
කොරෝනා වසංගතයත් සමග මෙරට ක්‍රියාත්මක වන මාර්ගගත හෙවත් ඔන්ලයින් අධ්‍යාපනය සියයට 60කින් පමණ අසාර්ථක වී ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ රජය මගින් පෙන්වා දී ඇති මාර්ගෝපදේශ මගින් ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයේ පවතින ගැටලු නිරාකරණය සදහා විසදුම් ලබාදී නොමැති බවයි.
මේ අතර බිබිල-ලුණුගල- පල්ලෙකුරුව ප්‍රදේශයට අන්තර්ජාල සංඥා නොමැතිවීමෙන් පාසල් සිසුන්ට ඔන්ලයින් මාර්ගය ඔස්සේ අධ්‍යාපනය ලැබීමේදී අපහසුතා රැසක් පවතින බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.
අන්තර්ජාල සංඥා ලබාගැනීමට දරුවන්ට උස්බිම්වල පිහිටි කැලෑබද ප්‍රදේශවලට යාමට හෝ ගස්මත නැගීමට සිදුවන බවද ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.
මේ අනුව ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අධ්‍යාපනය ලබන රටේ සියලුම දරුවන්ට අන්තර්ජාල ගාස්තුවකින් තොරව ඊ-තක්ෂලාව හරහා නොමිලේ අධ්‍යාපන වරම් ලබාදීමේ ව්‍යාපෘතිය කඩිනම් කරන ලෙසට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.
ඔහු මේ බව සඳහන් කළේ ඊ-තක්ෂලාව සඳහා නව ක්‍රමවේදයක් හදුන්වාදීම සදහා අරලියගහ මන්දිරයේ ඊයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
