උපුල් තරංග සහ රොමේෂ් කළුවිතාරණගෙන් සුපිරි ඉනිමක්..ඉන්දියාවේදී අරවින්ද සිල්වාත් අතීතය මතක්කර දෙයි..
ශ්‍රී මධුසුදන් සායි ගෝලීය මානුශීය මෙහෙයුම මගින් දෙවැනි වරටත් සංවිධාන කරන ‘වන් වර්ල්ඩ් වන් ෆැමිලි කප්’ ආරාධිත 20යි 20 තරගය ඉන්දීය සහ ශ්‍රී ලංකා ප්‍රවීණ ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් කර්නාටක ප්‍රාන්තයේදී ඊයේ (08) පවත්වනු ලැබීය.
මෙම තරගයෙන් ලකුණු 06ක තියුණු ජයක් වාර්තා කළේ ඉන්දියා වන් වර්ල්ඩ් ප්‍රවීණයින්ගේ කණ්ඩායමය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියා වන් වර්ල්ඩ් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 195ක් රැස් කිරීමට සමත් වුණා.
ක්‍රිකට් පිටියෙන් සමුගෙන වසර ගණනක් වුවත් මාවන් අතපත්තු සහ මුත්තයියා මුරලිදරන් මෙහිදී රැකගත් සුපිරි උඩ පන්දු සියලුම ක්‍රීඩා ලෝලීන් මවිතයට පත් කළා.
ලකුණු 196ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා වන් වර්ල්ඩ් කණ්ඩායමට නියමිත පන්දුවාර 20දී කඩුලු 9ක්දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු ලකුණු 189ක් පමණයි.
උපුල් තරංග ලකුණු 51ක් සහ රොමේෂ් කළුවිතාරණ ලකුණු 45ක් රැස් කිරීමට සමත් වූයේ අතීතයද මතක් කරමින්.
අරවින්ද ද සිල්වා එම තරගයේදී සිය සුපුරුදු පුල් පහර මෙහිදි එල්ල කළේ යළිත් අතීතය සිහිපත් කරමින්.
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)