එක පණිවුඩයයි ,1400 ක් ගෙදර යයි !
කටුනායක නිදහස් වෙළඳ කලාපයේ වසර 40 කට අසන්න කාලයක් ක්‍රියාත්මක වී ඇති නෙක්ස්ට් ඇඟලුම් කම්හල හදිසියේ වසා දැමීමකට ලක් වී තිබෙනවා.
එම ආයතනයේ සේවකයින් 1,400 කට අධික සංඛ්‍යාවක් සේවය කර ඇති අතර ඔවුන්ගේ රැකියා අහිමි වී ඇති බවයි වාර්තා වී ඇත්තේ.
මැයි මස 19 වන දින රාත්‍රියේ වට්ස්ඇප් පණිවුඩයක් හරහා කර්මාන්ත ශාලාවේ මෙහෙයුම් වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කරන බව දැනුම් දුන් බවයි සේවකයින් පවසා සිටින්නේ.
ඉහළ යන මෙහෙයුම් පිරිවැය සහ අඛණ්ඩ මූල්‍ය පාඩු මෙලෙස කර්මාන්ත ශාලාව වැසීමට හේතු වූ බවයි සඳහන් කර ඇත්තේ.
කර්මාන්ත ශාලාවේ සේවකයින් 2,825 න් 1,416 ක් පීඩාවට පත් වූ අතර, අනෙකුත් කර්මාන්තශාලාවල ඉතිරි සේවකයින් ඔවුන්ගේ රැකියාවේ ම රඳවා ගන්නා බව සමාගම ප්‍රකාශ කරයි.
කෙසේ වෙතත් සමාගම මාස දෙකක වැටුප ඇතුළුව සේවයන් පහ කිරීමේ පැකේජයක් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. නමුත්, වෘත්තීය සමිති කියා සිටින්නේ වසා දැමීම පවතින ගිවිසුම් උල්ලංඝනය කරන බවත් නිසි දැනුම්දීමක් නොමැති බවත්ය.
