රෝහල් ගොඩනැගිල්ලෙන් ඇද වැටී පුද්ගලයෙකු මරුට

Report

මහනුවර මහ රෝහලේ මහල් ගොඩනැගිල්ලකින් ඇදවැටී බරපතළ තුවාල ලබා එම රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ (12) සවස් කාලයේ මෙම අනතුරු සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් මහනුවර පොලීසියට ලද තොරතුරක් මත විමර්ශනයක් ආරම්භ කර ඇත.

මියගිය පුද්ගලයා හාරිස්පත්තුව ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පුද්ගලයෙකි.

අද කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්

අද කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්

පොලීසිය පවසන්නේ මෙම පුද්ගලයා කොන්ත්‍රාත් පදනම මත රෝහලේ ගොඩනැගිලි පින්තාරු කරමින් සිටියදී එම ගොඩනැඟිල්ලේ 03 වන මහලින් මෙලෙස ඇද වැටී ඇති බවට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇති බවයි.

මෘත දේහය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධව මහනුවර පොලීසිය විමර්ශන සිදුකරනු ලබයි.

කොටුවේ ඉන්න ත්‍රීවිල් චණ්ඩින්ට වැඩ වරදින ලකුණු

කොටුවේ ඉන්න ත්‍රීවිල් චණ්ඩින්ට වැඩ වරදින ලකුණු