ඉරානයේ කර්මන්ෂා පළාතට එල්ල වූ බිහිසුණු ප්‍රහාරවලින් 13ක් ජීවිතක්ෂයට - ළමුන් සහ ගර්භණී කාන්තාවකුත් මිය ගිය අය අතර

Report

ඇමරිකානු සහ ඊශ්‍රායල හමුදා විසින් ඉරානයේ කර්මන්ෂා (Kermanshah) පළාතේ නේවාසික ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් සිවිල් වැසියන් 13 දෙනෙකු මිය ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරානයේ 'මෙහර්' (Mehr) පුවත් සේවය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව දක්වයි.

අඳාළ ප්‍රහාර මාලාව එල්ල වී ඇත්තේ හමුදා ඉලක්කවලින් බැහැරව සාමාන්‍ය ජනතාව වෙසෙන නේවාසික කලාප වෙත බව සඳහන්.

භයානක තත්ත්වයක් - ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන දෙකකට ප්‍රහාර

භයානක තත්ත්වයක් - ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන දෙකකට ප්‍රහාර

එමෙන්ම ජීවිතක්ෂයට පත්වූ 13 දෙනා අතර කුඩා ළමුන් දෙදෙනෙකු සහ කාන්තාවන් සිව්දෙනෙකු ද සිටින බවත්, ඒ අතර එක් ගර්භණී කාන්තාවක් ද සිටින බව මෙහර් පුවත් සේවය තහවුරු කර ඇති බව වාර්තා වේ. 

තත්ත්වය තවත් උග්‍ර අතට - ඉරානයේ සහයට ඊශ්‍රායලය කළඹමින් යෝධ හස්තයක් ඉදිරියට

තත්ත්වය තවත් උග්‍ර අතට - ඉරානයේ සහයට ඊශ්‍රායලය කළඹමින් යෝධ හස්තයක් ඉදිරියට