වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකුට අවාසනාවන්ත ලෙස දිවි අහිමිවෙයි
මහඔය පොලිස් වසමේ බෝගමුයාය ප්‍රදේශයේ පොල්ගස්තලාව රක්ෂිතයේදී වන අලි පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මියගිය පුද්ගලයා ඊයේ (15) සවස රක්ෂිත ප්‍රදේශයේ සිටි ගවයින් බැලීමට ගොස් නැවත නිවසට පැමිණෙන අවස්ථාවේදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක් ව ඇති බව දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
මෙලෙස වන අලි පහරදීමෙන් මියගිය පුද්ගලයා අවුරුදු 53ක් වූ උණුවතුර බුබුල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහඔය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.