තවත් විශාල භාණ්ඩ ප්‍රවාහන නැවක ඉන්ධන කාන්දුවක්..

India Sri Lanka Colombo port Oil leaked ship
By Aruna Jun 18, 2021 07:44 AM GMT
Report

කොළඹ වරායේ සිට ඉන්දියාවේ හල්දියා වරාය වෙත ගමන් කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ඉන්ධන කාන්දුවක් සිදුව තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ පසුගිය 16 වනදා කොළඹ වරායෙන් ගමන් ආරම්භ කළ පෘතුගාලයේ ලියාපදිංචි "එම්.ඩී ඩෙවෝන්" නම් නෞකාවේ ඉන්ධන ටැංකියකට හානි සිදුවීමත් සමඟ එම ඉන්ධන කාන්දුව හටගෙන ඇති බවය.

චෙන්නායි සිට නාවික සැතපුම් 250ක් පමණ දුරින් වූ මුහුදේ යාත්‍රා කරමින් තිබියදී නෞකාවේ ඉන්ධන කාන්දුව පිළිබඳ තොරතුරු වාර්තා වූ බව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය සඳහන් කර තිබේ.

මේ හේතුවෙන් ඉන්ධන කිලෝලීටර් 10ක් පමණ මුහුදට කාන්දුවී ඇති බව වාර්තා වී ඇත.

කෙසේවෙතත් හානි සිදු වූ ඉන්ධන ටැංකියේ ඉතිරි ඉන්ධන වෙනත් ටැංකියක් වෙත මාරු කිරීමට නෞකාවේ කාර්යය මණ්ඩලය පියවර ගෙන තිබේ.

මේ හේතුවෙන් නෞකාව නියමිත ගමනාත්තය වෙත ළඟාවෙමින් පවතින අතර පවතින තත්ත්වය පිළිබඳ අදාළ සියලු පාර්ශව විමසිල්ලෙන් පසුවන බව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය සඳහන් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now