"ඇත්ත කියනවා... රුපියල් කීයකට තෙල් ගැහුවා ද...?" ෂෙඩ් එකේ, සිදු වූ තෙල් මගඬියක් ගැන හෙළිදරව්වක්..ප්‍රදේශය ඇතුළු සියලු විස්තර මෙන්න

fraud oil shed navala super service station
By Sewvandhi Oct 05, 2021 01:55 AM GMT
Sewvandhi

Sewvandhi

Report

තම වාහනයට ඉන්ධන පුරවා ගැනීමට ගිය පාරිභෝගිකයෙකුට මුහුණ දීමට සිදු වූ අකරතැබ්බයක් ගැන මෙලෙස තම ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබුණා. ප්‍රෙට්‍රල් ගහන්න නාවල පැත්තෙ එහෙම යනවනම් මේ වගේ කම්බ හොරුන්ගෙන් පරිස්සම් වෙන්න..

ලිපිනය - නො.172,

නාවල පාර,

නුගේගොඩ තැන -

සුපර් සර්විස් ස්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ් අයිතිකරු - එස්.කේ.රාජපක්ෂ

වෙලාව - ප.ව. 1.16

කාර් එකට වෙනදට වගේ ප්‍රෙට්‍රල් ගහන්න කියල හිතාගෙන සුපුරුදු පරිදි නාවල ෂෙඩ් එකට ගොඩ වුණා.වාහනෙ නැවැත්තුව විතරයි එතන හිටි කොලුවා බොහොම ආදරෙන් වාහනේ අතපත ගාලා " සර් , නයිට්‍රජන්ද ගහන්නෙ රෝදවලට ? " නැහැ.. " පොඩ්ඩක් වගේ හුලං අඩුවෙලා , බලන්න අමතක කරන්නෙපා.."

 බොහොම සුහදශීලී ආමන්ත්‍රණය..ඒත් එක්කම එනව හිඟන මනුස්සයෙක්.හිඟන්නෙක් කිව්වට හොඳට අතපය තියන බුවෙක්.නැතිබැරිකම් කියල අඬද්දි රුපියල් 50/= ක් දුන්නම, තව තවත් වාත වෙලා නැතිබැරිකම් කියනව වාහනේ එල්ලිලාම.තව රුපියල් 100/= ක් පූජා කළා.150/= න් සැටිස් වෙලා එතකොට මෑන් යන්න ගියා.

කොහොමින් කොහොම හරි ප්‍රෙට්‍රල් ගැහුව පුරුදු පරිදී 2000/= ක.වෙනදට වාහනෙ ප්‍රෙට්‍රල් 2000 ක ගැහුවම මීටරේ පෙන්වන ප්‍රමාණයට වඩා ගොඩක් අඩුවෙන් තමයි අද පෙන්නුවෙ.පොඩි ගමනක් යන්න පරක්කුවෙන නිසා, මගට ආවත් හම්බානෙක මළ පැනලා තිවුණෙ.මොනව වුණත් මුන් සෑහෙන වංචාවක් කරනවා.ඒක සොයාගන්නම ඕනෑ..මම ආයෙ වාහනෙ හරවගත්තා.

කෙලින්ම ගියේ ෂෙඩ් එකට. " තමුසෙ කීයක් මේකට පෙට්‍රල් ගැහුවද ? " " 2000/= යි සර් " " ඇත්ත කියනවා.තමුසෙ මම කවුද කියලා දන්නෙ නැහැනෙ.මම බබා කියලද හිතුවෙ.මම පොල්කිරි නෙමෙයි බොන්නෙ.ඒ නිසා කරුණාකරලා, කීයක තෙල් ගැහුවද කියලා විතරක් කියනව මට " " අනේ බුදු සර්, 2000 ම ගැහුවා "

කෙළින්ම ගියා කළමණාකාරවරයගෙ කාමරයට.එයාගෙන් ඉල්ලුවා ගේම.. " කරුණාකරලා, පොම්පෙ නවත්තලා එයාගෙ අතේ තියන සල්ලි වලට තෙල් ලීටර් ගාණ බැලන්ස් කරනවා.නැත්නම් මම දවසෙම මෙතන ඉඳල හරි මේක සීල් තියනවා. " ගේම නැගල යනවා.මැනේජර්ලම තුන් දෙනයි.උන් මාරුවෙන් මාරුවට කෑ ගහනවා.ඔලු කසනවා.අනික් උන්ට බණිනවා.වැඩ කෝටියයි.

" ගෙන්නනව තමුසෙලගෙ තෙල් ගහන පොම්පකාරයව." තවමත්, මම ගේමෙන්ම තමයි.. මෑන් හෙමිහිට මගේ ගාවට ආවා.

" උඹ ඇත්ත කියපන්.කීයක් මට වංචා කරාද ?මේක හොඳින් ද විසඳගන්න ඕන.නැත්නම් නරකින්ද ? " " 2000 යි සර් " මෑන් තවමත් ඒ උත්තරේමයි.

සිංහල ශබ්ද කෝෂෙ වචන සැට් එකක් මතක් කරලා, පොඩි තගක් දැම්මා කෝකත් කියල.ගැහුව හතර වටේම ෆොටෝස්. ඔන්න හාදයගෙ ගැම්ම බැස්සා.නිකන්ම ඇඹරිලා ආයෙ මගේ ගාවට ආව. " සර්, ( අත් දෙක එකතු කරල වැන්දා ) රුපියල් 400 ක් අඩුවෙන් ගැහුවෙ සර්.සමාවෙන්න සර්.ආයෙ කරන්නෙ නෑ සර්.

ඊළඟට මැනේජර් අඬනවා. " කාටවත් කියන්නෙපා සර්.ෆේස්බුක් දාන්න එපා සර්.2000 ක් තව වැඩිපුර ගහන්නම් සර්.ඔන්න මෑන් බලෙන්ම තව 1000/= ක් මගේ වාහනේට ගැහුවා.

බඩ කපන් අත දාලා, ගූ කන වැඩ අපේ නෑ.බැලන්ස් 600/= නැවතත් ඌට දිලා මම කෙළින්ම ගෙදර ආවා. ඔන්න අලුත්ම මාෆියාව.හිඟන්නත් මේ නාට්‍යයේ නළුවෙක්.ඌ අපේ අවධානය වෙන පැත්තකට හරවද්දි පොම්පකරු අඩුවෙන් තෙල් ගහනවා.මගේ කාර් එකට ගහපු 2000න් 400 ක් මාටිය ගැහුව නම්, අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි දවසට කීයක් මේ වගේ වංචා කරනව ඇද්ද ? මේ වගේ වංචාකරුවන්ට ඔබත් හසුවෙනවාද ?

අනික් අයට දැනගන්න share කරන්න.

කාවින්ද ගමගේ

(උපුටා ගැනිම-:https://gossip.hirufm.lk/)

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now

  

ReeCha