සා.පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන විශේෂ දැනුම්දීමක්.. ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලැබෙන දිනය ගැනත් කියයි...

Education Exam department Scholarship exam O/L exam results
By Aruna Mar 01, 2022 11:00 PM GMT
Aruna

Aruna

Report

විභාග කොමසාරිස් ජනරාල්ගෙන් දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්වල ප්‍රතිඵල මෙම සතියේ නිකුත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කෙරෙන්නේ ඉන්පසුව බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී . ධර්මසේන මහතා පසුගිය 28 වැනිදා ප්‍රකාශ කළා.

කොවිඩ් වසංගත තත්ත්වය මත සාමාන්‍ය පෙළ සංගීතය, නැටුම් සහ නාට්‍ය හා රංග කලාව යන විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට නොහැකි වූ අතර මේ නිසා විභාග ප්‍රතිඵල නිකුත් කරන ලද්දේ සෞන්දර්ය විෂයන්වල ප්‍රතිඵල නොමැතිවය.

එම විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ පසුගිය දෙසැම්බර් මස දී පැවැත්වුණා.

අයැදුම්කරුවෝ එක් ලක්ෂ හැට නව දහසක් පමණ මෙම විෂයන්වලට පෙනී සිටියා.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළ කටයුතු ද කඩිනමින් සිදු කෙරෙන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha