අද සිට ගර්භනී මව්වරුන්ට රු. 5000ක පෝෂණ දීමනාවක්

Report

පවතින ආපදා තත්ත්වය සහ ඉදිරියේ එන උත්සව සමය සැලකිල්ලට ගෙන, ගර්භනී මව්වරුන් සඳහා රුපියල් 5000ක් වටිනා එක්වරක් ලබාදෙන පෝෂණ දීමනාව අද (16) සිට බෙදාහැරීම ආරම්භ කෙරේ.

මෙම දීමනාව 2025 නොවැම්බර් 30 වැනිදාට පෙර මවු සායනවල ලියාපදිංචි වූ ගර්භනී මව්වරුන්ට පමණක් ලබාදෙන බව වාර්තා වේ.

නිරෝගී හා ශක්තිමත් පුරවැසියෙකු බිහිකිරීමේ මූලික පදනම වන මාතෘ පෝෂණය ඉහළ නැංවීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.

සංකේතාත්මක බෙදාහැරීම් අවස්ථාව අද උදෑසන වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

"අද මම කියපු දේ මතක තියාගන්න" - අප්‍රේල් වන විට රටට බරපතල ආර්ථික අර්බුදයක් - හරීන්

"අද මම කියපු දේ මතක තියාගන්න" - අප්‍රේල් වන විට රටට බරපතල ආර්ථික අර්බුදයක් - හරීන්

2025 තෙවන පාසල් වාරයේ වාර පරීක්ෂණ ගැන නැවත දැනුම්දීමක්

2025 තෙවන පාසල් වාරයේ වාර පරීක්ෂණ ගැන නැවත දැනුම්දීමක්