උපත් පාලනය ගැන කවුරුත් නොසිතූ අනාවරණයක්..ඔබත් මේ දේ කළාද..

Pregnancy Hospitals in Sri Lanka Latest Headlines
By Sewvandhi Jan 17, 2025 08:21 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න පවසන්නේ, උපත් පාලනයට යොමු වන පිරිස් අඛණ්ඩව ඉහළ යාම ද මෙරට උපත් අඩුවීමට ප්‍රබල හේතුවක් වී ඇති බවයි.

රූපවාහිනී නාලිකාවක් සමඟ සංවාදයට එක්වෙමින් ඔහු කියා සිටියේ, 2019 වසර හා සැසදීමේදී 2023 වසර වන විට මෙරට උපත් ප්‍රමාණය සියයට 22.3 කින් පහළ ගොස් මරණ ප්‍රමාණය සියයට 23.1 කින් ඉහළ ගොස් ඇති බවයි.

ඔහු සදහන් කළේ, 2019 වසරේදී අලුතින් උපත් පාලනය සදහා යොමු වූ පිරිස 152, 552ක් ලෙස දැක්වුනද 2023 වසරේදී එය 266, 078 ක් දක්වා ඉහළ ගොස් ඇති බව‍යි.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න එහිදී සදහන් කළේ, 2019 වසර හා සැසදීමේදී ස්ථීර වන්ධ්‍යාකරණයට යොමු වූ පිරිස වසර 2023 වන විට දෙගුණයකින් ඉහළ ගොස් තිබීම කැපී පෙනෙන බවයි.

………………………………………………………

You may like this video 👇



ReeCha