මත් පැන් මිල විශාල ගණනකින් අඩු කරන්නැයි දැනුම්දීමක්..අඩු කරන ගණන මෙන්න.

Report

මත්පැන් කාල බෝතලයක මිල රුපියල් සියයකින් අඩු කරන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මත්පැන් නිෂ්පාදකයන්ගෙන් ඊයේ (01) ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා.

මෙම ප්‍රකාශය කර ඇත්තේ, මත්පැන් නිෂ්පාදකයන් සමග සුරාබදු දෙපාර්තමේන්තුවේදී ඊයේ පැවැති විශේෂ රැස්වීමකදීයි.

මෙහිදී මත්පැන් මිල ඉහළ යාම නිසා පාරිභෝගිකයන් නීතිවිරෝධී මත්පැන් භාවිතයට පෙළඹීම වැඩිවී ඇති බවයි, සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දී ඇත්තේ.

ලග්න 06කට අද ඉතාමත් ශුභයි..වැල්ලෙ බඹරෙත් කැරකෙයි..

ලග්න 06කට අද ඉතාමත් ශුභයි..වැල්ලෙ බඹරෙත් කැරකෙයි..


එය වළක්වා ගැනීම සදහා මත්පැන් මිල අඩු කරන ලෙස, කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.

මේ වනවිට එතනෝල් ලීටරයක මිල රුපියල් හයසියයත් හත්සියයත් අතර මිලකට අඩුවී තිබීම නිසා මත්පැන් මිල අඩු කිරීමේ හැකියාවක් ඇති බවද ඔහු අවධාරණය කරයි.

තවද මිල ඉහළ යාම නිසා මත්පැන් අලවිය සියයට හතලිහකින්(40%) අඩුවී ඇති බවද මෙහිදී අවධාරණය කෙරිණි.

එහෙත් සුරාබදු සහ මත්පැන් නිෂ්පාදන අමුද්‍රව්‍යවලට පනවා ඇති බදු නිසා මිල අඩු කිරීමට නොහැකි බවයි, මත්පැන් නිෂ්පාදකයන් පෙන්වා දී ඇත්තේ.

කෙසේ වෙතත් දිවයින පුරා දෛනිකව සිදුවන මත්පැන් අලෙවියෙන් සියයට පනහක්ම අලෙවි වන්නේ කාලේ බෝතල් බවයි පැවසෙන්නේ.