මත්පැන් මිල ඉහළ දැමීම ගැන දැනුම් දීමක්..

Sri Lanka Political Liquor
By Aruna Nov 04, 2021 05:20 AM GMT
Aruna

Aruna

Report

දේශීය පුවත් සුරාබදු අවසරයකින් තොරව සුරා මිල ඉහළ දැමිම ගැන වාර්තාවක් කැඳවයි දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව මත්පැන් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබාදෙන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා මත්පැන් නිෂ්පාදිත සමාගම්වලට ඊයේ (03) දැනුම් දී ඇත.

මත්පැන් නිපදවන අමුද්‍රව්‍ය මිල ඉහළයෑම හේතුවෙන් මත්පැන් මිල විවිධ ගණන්වලින් ඉහළ දමන්නට එම සමාගම් කටයුතු කර ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඔහු පැවසීය.

එසේ වැඩිකර ඇත්නම් එයට එරෙහිව පියවර ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවට නීතිමය ප්‍රතිපාදන නැතැයිද ඒ මහතා කීය.

මත්පැන් මිල වැඩි කිරීම මුදල් අමාත්‍යාංශය විසින් බදු වැඩිකිරීම හරහා සිදුකරන බවත් මෙවර මුදල් අමාත්‍යාංශය හෝ සුරාබදු දෙපාර්තමේන්තුව නොදැනුවත්ව මත්පැන් මිල ඉහළ දමා තිඛෙන බවත් ඒ මහතා පැවසීය .

මෙය එතරම් සුබදායක තත්ත්වයක් නොවන බවට දෙපාර්තමේන්තුවේ අදහස වී ඇති නිසා මින් ඉදිරියට රජයේ අනුමැතියකින් තොරව මත්පැන් මිල ඉහළ දමනවා නම් සුරාබදු දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටි බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now