අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශපත්‍ර ගැන විශේෂ නිවේදනයක්

Report

විභාග කොමසාරිස් ජනරාල්වරිය විසින් අපොස සාමාන්‍ය පෙළ 2025 (2026) විභාගයට අදාල ප්‍රවේශපත්‍ර භාගත කරගැනීම සහ ඒවායේ සංශෝධන සිදුකිරීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව, පෞද්ගලික අපේක්ෂකයින්ට තම ප්‍රවේශපත්‍රවල කිසියම් සංශෝධනයක් අවශ්‍ය නම් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර ඒවා සංශෝධනය කරගත හැකි අතර, මෙම සංශෝධන සිදුකිරීම 2026 පෙබරවාරි 10 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් වේ.

උසස් පෙළ ප්‍රායෝගික විභාග පැවැත්වෙන දින ගැන විශේෂ දැනුම්දීමක් - පෙබරවාරි 7 සිට

උසස් පෙළ ප්‍රායෝගික විභාග පැවැත්වෙන දින ගැන විශේෂ දැනුම්දීමක් - පෙබරවාරි 7 සිට

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය මෙම දිනය නැවත දීර්ඝ කරනු නොලැබෙන බව දැනුම්දී ඇත. මෙවර සාමාන්‍ය පෙළ විභාගය පෙබරවාරි මස 17 වන දින සිට 26 වන දින දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 3,545කදී පැවැත්වීමට නියමිතය.

පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශපත්‍ර මේ වනවිට අදාළ පාසල් අයත් කලාප අධ්‍යාපන කාර්යාල වෙත ලබාදී ඇති අතර, සියලුම විදුහල්පතිවරුන් තම පාසලට අදාළ කලාප අධ්‍යාපන කාර්යාලයේ විභාග විෂය භාර නියෝජ්‍ය හෝ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් එම ප්‍රවේශපත්‍ර භාරගත යුතුය.

සජබ බේරුවල පක්ෂයේ උණුසුම් තත්ත්වයක් - හේතුව මෙන්න

සජබ බේරුවල පක්ෂයේ උණුසුම් තත්ත්වයක් - හේතුව මෙන්න

පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර ඔවුන් සඳහන් කළ පෞද්ගලික ලිපිනයට තැපැල් මඟින් යොමු කරනු ලබන අතර, පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍රවල යම් සංශෝධනයක් තිබේ නම්, විදුහල්පතිවරුන්ට [www.doenets.(http://www.doenets.lk) වෙබ් අඩවියෙන් ලබාදී ඇති පරිශීලක නාමය සහ මුරපදය භාවිතා කර ගිණුමට ප්‍රවේශ වී අදාළ සංශෝධන සිදුකළ යුතුය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහා 1911 ක්ෂණික ඇමතුම් අංකය,

011 2784208 හෝ 011 2784537 දුරකථන අංක,

011 2784422 ෆැක්ස් අංකය හරහා හෝ [gceolexamsl@gmail.(mailto:gceolexamsl@gmail.com) විද්‍යුත් තැපැල් ලිපිනය

ඔස්සේ විභාග දෙපාර්තමේන්තුව වෙත සම්බන්ධ විය හැකි බවද දැනුම්දී ඇත.