ශ්‍රී ලංකා යුද හමුදාවෙන් විශේෂ නිවේදනයක්..!
ශ්‍රී ලංකා පොලීසිය වෙත රටේ නීතිය සහ සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් සිය දායකත්වය සපයා ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව නිවේදනය කරයි.
යුද හමුදාව පෙන්වා දෙන්නේ රටේ මහජනතාව සහ පොදු දේපළ ආරක්ෂා කිරීමට ද තම දායකත්වය සපයා ඇති බවය.
රට තුළ පවතින නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් හදිසි නීතිය පැනවීමෙන් පසු ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදුවෙන බවද යුද හමුදාව සඳහන් කරයි.
එම සාමකාමී වාතාවරණය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා අද (11) දින ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකායේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද හමුදා සංග්‍රාමික විශේෂ සන්නද්ධ රථ යොදාගනිමින් කොළඹ නගරය ආශ්‍රිතව මුර සංචාර සහ ක්ෂණික මාර්ග බාධක ස්ථාපනය කිරීම සඳහා කටයුතු සිදු කරන බවද නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |