පැය 24ක කාලය තුළ 5,415ක් - පොලීසියෙන් දැනුම්දීමක්..

Sri Lanka Police Sri Lanka Police Investigation Drugs Latest Headlines
By Sewvandhi Jan 02, 2025 08:21 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඊයේ (01) පෙරවරු 6 සිට අද පෙරවරු 6 දක්වා වූ පැය 24ක කාලය තුළදී, රථවාහන මෙහෙයුම මගින් බීමත් රියදුරන් 509 දෙනෙකු සම්බන්ධයෙන් පොලීසිය නීතිය ක්‍රියාත්මක කර තිබේ.

එහිදී, අපරීක්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය පැදවීමට අදාළ රියදුරන් 29 දෙනෙකු, අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධව රියදුරන් 59 දෙනෙකු, මාර්ග නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් රියදුරන් 762ක්, බලපත්‍ර වැරදි සම්බන්ධ රියදුරන් 345ක් සහ වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 3,711ක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර ඇත.

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කෙරේ..!

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කෙරේ..!

පොලීසිය වැඩිදුරටත් දැනුම්දෙන්නේ අදාළ පැය 24ක කාලය තුළ සමස්ත රථවාහන වැරදිවලට අදාළව රියදුරන් 5,415ක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර ඇති බවය.

ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මෙම විශේෂ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලබන අතර බීමත්ව රිය ධාවනය නොකිරීමටත්, මාර්ග නීති උල්ලංඝණය ඇතුළු අනෙකුත් රථවාහන නීතී රීති උල්ලංඝණය නොකරන ලෙසටත්ය.

උත්සව සමයේ රථවාහන අනතුරු අවම කරගැනීමේ අරමුණින් වැඩබලන පොලිස්පතිගේ උපදෙස් පරිදි දිවයිනම ආවරණය වනපරිදි විශේෂ රථවාහන මෙහෙයුමක් ආරම්භ කළේ 2024.12.23 වන දින සිට ය.  

2025 නව වසරේ ඔබයි ඔබේ පවුලේ අයයි කළ යුතුම දේවල්..

2025 නව වසරේ ඔබයි ඔබේ පවුලේ අයයි කළ යුතුම දේවල්..

……………………………………………………………………………………

You may like this video 👇



ReeCha