ගමක්ම කම්පා කරමින් පාසල් සිසුවියක් අවසන් ගමන් යයි..දෙවියනේ මෙහෙම දෙයක් නම් කාටවත්ම වෙන්න එපා. ..

Report

හසලක, තෝරපිටිය ප්‍රදේශයෙන්, විදුලි සැර වැදී මියගිය බව කියන 14 හැවිරිදි පාසල් සිසුවියක් පිළිබඳව වාර්තා වෙයි.

හසලක තෝරපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි මෙත්මි සිතුම් කුමාරි නැමැති පාසල් ශිෂ්‍යාවක්, මෙලෙස මියගොස් තිබෙනවා.ඇය හසලක ප්‍රදේශයේ පාසලක 09 ශ්‍රේණිය ඉගෙනුම ලබන සිසුවියකි.

වාහන ධාවනය සීමා කරයි..රියදුරන්ට විශේෂ දැනුම්දීමක්..!

වාහන ධාවනය සීමා කරයි..රියදුරන්ට විශේෂ දැනුම්දීමක්..!

එනම් වාර්තාවන්නේ, ඇය මවගෙන් දුරකථනය ඉල්ලාගෙන ඇගේ කාමරයට ගොස් ඇති අතර ඊට සුළු මොහොතකට පසු ඇගේ කාමරයෙන් කෑගසන හඬක් ඇසී ඇති බවයි.

එම හඬ ඇසුණු ඇගේ මව සහ පියාත්, වැඩිමහල් සහෝදරියත් කාමරයට ගොස් බලන විට ඇය නිදාගන්නා යකඩ ඇඳ අල්ලාගෙන කෑ ගසමින් සිටිනු දැක තිබෙනවා.

පසුව ඇගේ සීයා ඇඳ ළඟ තිබූ විදුලි සම්බන්ධතාව විසන්ධිකර තිබේ. ඉන්පසු ඇය හසලක රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී මහියංගන රෝහල වෙත මාරුකර යවා තිබුණි.

මිල අඩු වෙලාද..? සහල් ගැන ඇහෙන අලුත්ම ආරංචිය..!

මිල අඩු වෙලාද..? සහල් ගැන ඇහෙන අලුත්ම ආරංචිය..!

ඉන්පසුව ඇය මහියංගන රෝහලේදී මියගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ හසලක පොලීසිය විසින් සිදුකරයි.

…………………………………………………………………………………

You may like this video 👇