සමාජ මාධ්‍යයේ පැතිර යන දෙයක් ගැන පොලීසියෙන් හදිසි දැනුම්දීමක්.

Report

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය හඬපටයක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබානවා.

රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන 'Clean sri lanka – 2025 වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය මගින් මහජනතාව වෙත සිදු කරන විශේෂ දැනුම් දීමයි' යනුවෙන් කිසියම් පුද්ගලයෙකු විසින් සිදුකළ අසත්‍ය හඬපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බව, නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය දැනුම්දෙයි..නව වසරේ ගෑස් මිල ගණන් මෙන්න.

ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය දැනුම්දෙයි..නව වසරේ ගෑස් මිල ගණන් මෙන්න.


පොලිස් ආඥා පනතේ වගන්තියක් සඳහන් කරමින් මහජනතාව විසින් තම නිවෙස් ඉදිරිපිට ප්‍රදේශ පිරිසිදුව තබා ගැනීම ඇතුළු තවත් කරුණු සම්බන්ධයෙන් අවධාරණය කර ඇති බවටත්, එසේ ක්‍රියානොකරන පුද්ගලයින්ට එරෙහිව 2025.01.15 වන දිනෙන් පසු නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවටත් එම හඬ පටයේ වැඩිදුරටත් සඳහන් වේ.

කෙසේ නමුත් පොලීසිය මෙම නිවේදනයෙන් අවධාරණය කර සිටින්නේ, එම හඬ පටය අසත්‍ය හඬ පටයක් බවත්, එවැනි හඬ පටයක් ශ්‍රී ලංකා පොලීසිය විසින් නිකුත් කර නොමැති බවටයි.

මත්පැන් බොන අයට සතුටුදායක ආරංචියක්..මිල අඩු කිරීම ගැන විශේෂ ප්‍රකාශයක්.

මත්පැන් බොන අයට සතුටුදායක ආරංචියක්..මිල අඩු කිරීම ගැන විශේෂ ප්‍රකාශයක්.


ඒ අනුව අදාළ හඬ පටය නිකුත් කල පුද්ගලයාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

You May Like This Video