රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්..! විෂය පථයන් 12ක් ඔස්සේ අති විශේෂ නිවේදනයක් නිකුත් කෙරේ..!
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පවතින අර්බුදය විසඳීම සඳහා මහජන අදහස් කැඳවීමට තීරණය කර තිබේ. ඒ අනුව විෂය පථයන් 12ක් යටතේ එම මහජන අදහස් කැඳවීම සිදුකිරීමට තීරණය කර ඇත.
මේ සඳහා එම සංගමය විසින් කමිටුවක් පිහිටුවීමට ද තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ මෙම ජනතා අදහස් සහ යෝජනා පහත සඳහන් ලිපිනයන් ඔස්සේ සිය කමිටුව වෙත දැනුම් දෙන ලෙසටය.
ඒ අනුව, ලේකම්, රජයේ වෛද්‍ය නිලදාරින්ගේ සංගමය, නො. 275/ 75 මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවත, කොළඹ 07. ලිපිනයට දැනුම් දිය හැකිය.
නැතිනම් 2022crisis.gmoa@gmail.com යන විද්‍යුත් තැපෑල ඔස්සේ දැනුම් දියහැකිය.
අදාළ නිවේදනය,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |
