මේ දිනවල දරුවන් රැක ගැනීමට දෙමව්පියන් කළ යුතුම දේ මෙන්න..?

vaccination immunization channa de silva ovid19 vitamin c
By Sewvandhi Aug 26, 2021 12:22 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පිටතින් කොතෙක් ප්‍රතිශක්තිය වඩවන ඖෂධ ලබා දුන්න ද දරුවන් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කර ගත නොහැකි බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පවසනවා දරුවන් ආරක්ෂා කර ගත හැක්කේ අභ්‍යන්තර ප්‍රතිශක්තිය ගොඩනැගීමෙන් පමණක් බවයි ඔහු සඳහන් කරන්නේ .

කොරෝනා වෛරසය හමුවේ තම දරුවන් පිළිබඳව නිරන්තර අවදානයෙන් පසුවෙමින් ඔවුන්ගේ ශරීරය තුළ ඇති විය හැකි වෙනස්කම් ගැන සැලකිලිමත් විය යුතුයි මේ දිනවල විටමින් C ඇතුළු ප්‍රතිශක්තිය වඩන ඖෂධ වර්ග ළමුන්ට ලබා දීම සම්බන්ධ විවිධ ප්‍රචාර සිදු වන බැවින් එවැනි ඖෂධ දරුවන්ට ලබා දීමෙන් ඇති වන තත්ත්වය පිළිබඳ දිනපතා පළවන පුවත්පතකට සඳහන් කර තිබෙනවා වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පුවත්පතට සඳහන් කර තිබෙන්නේ

“කොව්ඩ්-19 වෛරසයක් නිසා හැදෙන ලෙඩක්නෙ. සාමාන්‍යයෙන් ඉබේ තමා හොඳ වෙන්නේ. පිටින් එක එක දුන්නා කියලා ප්‍රතිශක්තිය වැඩි කරන්න බෑ. මන්දපෝෂණය වගේ නම් ප්‍රතිශක්තිය අඩු වෙන නිසා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ළමයි ක්‍රියාකාරකම් කරලා ඉන්න ඕනි. එහෙම නැතිව බෙහෙත් වර්ග දීලා බෑ. විටමින් ඌණතාවක් වගේ නම් පුළුවන්.

ඒත් විටමින් වැඩිපුර දුන්නා කියලා විශේෂ ප්‍රයෝජනයක් නෑ. හොඳ බර වැඩි ළමයෙක් නම් එහෙම වුවමනා වෙන්නෙත් නෑ. විටමින් දුන්නා කියලා ලෙඩේ නැති වෙන්නේ නෑ. අනවශ්‍ය පරිදි විටමින් D වගේ එහෙම දෙන්නත් හොඳ නෑ. විටමින් C ප්‍රතිශක්තිය ඇති කරන්න ලබා දෙනවා. නමුත් මේ පිටින් විටමින් දුන්නා කියලා වැඩක් නෑ.

ඇතුළෙ ප්‍රතිශක්තිකරණයෙන් ම තමා ලෙඩේ හොඳ වෙන්නේ.” “විශේෂයෙන් ම ළමයා ගැන අවදානෙන් ඉන්න. වෙන දා වගේ ක්‍රියාශීලීබව අඩු නම්, වමනය, පාචනය, උණ වගේ ලක්ෂණ තියෙනවා නම් රෑෂ් වගේ තියෙනවා නම් ඉක්මනින් ළඟ ම තියෙන රෝහලට ගෙනියන්න. ඉස්පිරිතාලෙට එන්න පරක්කු වෙන්න එපා.

වෙනත් රෝගවලට බෙහෙත් ගන්න අයට ඉස්සර වගේ ම පිළිවෙළට ඒ බෙහෙත් දෙන්න. ඒක වැදගත් සායනවලට යන්න. ඒවා සාමාන්‍ය පරිදි කෙරෙනවා රෝහල්වල. ඒවා තියෙන දවස්වලට යන්න. බෙහෙත්, ඉන්හේලර් වගේ පා⁣විච්චි කරනවා නම් ඒවා දිගට ම දෙන්න. ඉන්ජෙක්ෂන් දෙන ඒවා සාමාන්‍ය පරිදි සිදුවෙනවා. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් හමුවෙලා ඒවා සිදු කරගන්න පුළුවන්.” යනුවෙන්

*- - - - - - - - - - - - - - - - - - - *

මෙරට නවතම කොවිඩ් තත්වය-:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now