පොලී අනුපාතික සම්බන්ධයෙන් මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්..!
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබේ.
මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ඊයේ (18) පැවති රැස්වීමේ දී එම තීරණය ගෙන ඇත.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 13.50 සහ සියයට 14.50 ක් ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස් ව පවත්වා ගෙන යෑමට මහ බැංකුව තීරණය කර තිබේ
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4.00% මට්ටමේ නොවෙනස්ව පවතී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |