කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්..
Sri Lanka
Ministry of Agriculture
By Sithumi
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ,මෙවර යල කන්නයේ දී වී වගාවේ ඇතැම් ප්‍රදේශවල පැතිරි ගිය “Spodoptera” හෙවත් ගොඩවෙල්ලා දළඹු හානිය මේ වනවිට මුළුමනින්ම පාලනය කර ඇති බවයි.
ඊයේ (16) බතලගොඩ වී පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා විසින් මෙම කාරණය සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දීමට ද කටයුතු කළ බවයි අමාත්‍යංශය සඳහන් කරන්නේ.
තවදුරටත් යම් යම් ස්ථානවල සුළු වශයෙන් හෝ දළඹුවන් සිටිය හැකි වුවත් ඒ සඳහා බියට පත් නොවන ලෙස අමාත්‍යංශය නිවේදනය කර ඇත.
ආචාර්ය ජයන්ත සේනානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය නිලධාරින් දැනුම්වත් කිරීම මගින් අවශ්‍ය උපදෙස් ලබා ගත හැකි බවයි.
මෙම දළඹු හානිය මුළුමනින්ම පාලනය කළ හැක්කක් වන බැවින් කෘෂිකර්ම නිලධාරින් ලබා දෙන උපදෙස් පිළිපදින ලෙස ද ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
