කොළඹ නගරවාසීන් ට දැනුම්දීමක්
municipal council
taxes
colombo area
roshani disanayake
By Sewvandhi
කොළඹ මහ නගර සභාව වෙත මේ වසරේ දෙවන කාර්තුව සඳහා වරිපනම් බදු ගෙවීමේ අවසන් දිනය දීර්ඝ කර තිබේ.
ඒ අනුව 2021 දෙවන කාර්තුව සඳහා ජූලි මස 31 වන දා දක්වා වරෙන්තු ගාස්තු අය කිරීමකින් තොරව වරිපනම් බදු ගෙවිය හැකිය.
කොළඹ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂණී දිසානායක මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ජුලි මස 31 වන දිනයෙන් පසුව අදාළ ගෙවීම් සිදුකරන නේවාසික දේපළ හා මුඩුබිම් සඳහා කාර්තුවේ වරිපනම් බදු වටිනාකමින් සියයට 15ක් ද සෙසු දේපළ සඳහා සියයට 20ක් ද වශයෙන් වරෙන්තු ගාස්තු අයකරනු ලැබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
