තාමත් ලැබුණේ නැද්ද ..දුක් වෙන්න එපා .. මෙන්න තවත් ක්‍රමයක් ....
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කරන්නේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුණු ඡන්ද හිමියන්ට මැතිවරණ ඊ සේවාව වෙත පිවිස සිය නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව මුද්‍රණය කරගත හැකි බවයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවාසවලට බෙදා හැරීමේ කටයුතු ඉකුත් අප්‍රේල් මස 29 වැනිදායින් අවසන් වුණා.
එම පත්‍රිකා නොලැබුණු අයට මේ මස 06 වැනිදා දක්වා කාර්යාල වේලාවන් තුළදී සිය ප්‍රදේශයේ තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාවය තහවුරු කර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබාගත හැකි බව ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරනවා.
https://eservices.elections.gov.lkයොමුව හරහා මැතිවරණ ඊ සේවාවට පිවිස "පුරවැසියන් සඳහා" වන යොමුවෙන් "මැතිවරණය සඳහා ඡන්ද හිමි ලියාපදිංචි තොරතුරු" සේවාවට පිවිස ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර I’m Not a Robot යන්න ඉදිරියේ "හරි"ලකුණ යොදා "පෙන්වන්න" යන බොත්තම එබීමෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම -2025 ට අදාළ ඡන්ද හිමි ලියාපදිංචි තොරතුරු ලබා ගත හැකිය.
ඊට පහළින් ඇති "ජංගම දුරකතන අංකය" යන ස්ථානයට ජංගම දුරකථන අංකය ඇතුලත් කර I’m Not a Robot යන්න ඉදිරියේ “හරි“ලකුණ යොදා Submit බොත්තම එබීමෙන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව බාගත කරගත හැකිය.
