උතුරට අලුත් නායකයෙක් පත්වෙයි...

North province Mahinda Rajapakshe Gotabaya Rajapakshe Election commission Jeewan thayagaraja
By Aruna Oct 08, 2021 04:20 AM GMT
Aruna

Aruna

Report

ජීවන් ත්‍යාගරාජා මහතා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කර තිබේ.

මේ වන විට මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ජීවන් තයාගරාජා මහතා එම ධුරයෙන් ඉවත් වීමේ කොන්දේසි මත අදාළ පත්කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම පත්කිරීම සිදුව ඇති බව සඳහන්ය.

ජිවන් ත්‍යාගරාජා මහතා පැවසුවේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම පිළිගනිමින් තමා මැතිවරණ කොමිසමේ සාමාජික ධුරයෙන් ඉවත් වී උතුරු පළාත් ආණ්ඩුකාර ධුරය භාරගැනිමට සූදානම් බවය.

මේ අතර 2014 වසරේ සිට උසස් වීම් සඳහා සුදුසුකම් ලැබ සිරව තිබූ සහකාර පොලිස් අධිකාරී තනතුරු 225 පූරණය කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2014 සිට උසස්වීම් බලාපොරොත්තුව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුන් 225 කට වහාම ක්‍රියාත්මක වන පරිදි සහකාර පොලිස් අධිකාරී තනතුරු ප්‍රධානය කරන බව පොලිස් හා මහජන ආරක්ශාව භාර අමාත්‍ය විශ්‍රාමික අද්මිරාල් සරත් වීරසේකර පවසනවා.

මෙලෙස මෙතරම් විශාල පිරිසකට එක්වර සහකාර පොලිස් අධිකාරී තනතුරු ප්‍රධානය කෙරෙන්නේ ඉතිහාසයේ පලමු වරටයි.

මේ සමගම ඊට පහළ ශ්‍රේනීන් සඳහාද සිරවී ඇති උසස්වීම් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි අමාත්‍ය වරයා වැඩිදුරටත් කියා සිටියේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now