ජනවාරියේ අපනයන ආදායමේ විශාල වර්ධනයක්

Report

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය නිකුත් කළ තොරතුරු අනුව, 2026 ජනවාරි මාසයේ මෙරට සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,532.6ක් ලෙස වාර්තා වී ඇත.

මෙය පසුගිය වසරේ (2025) ජනවාරි මාසයට සාපේක්ෂව සියයට 13.71ක කැපීපෙන වර්ධනයකි. අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා මෙම සාර්ථකත්වය පිළිබඳ අදහස් දක්වමින් පැවසුවේ:

ප්‍රවාහන ක්ෂේත්‍රයේට සුබ ආරංචියක්

ප්‍රවාහන ක්ෂේත්‍රයේට සුබ ආරංචියක්

"2026 ජනවාරි මාසයේ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,552ක ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ගිය වසරට සාපේක්ෂව 13.7ක වර්ධනයක් එහිදී විශේෂයෙන්ම වෙළෙඳ භාණ්ඩ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,165ක ප්‍රමාණයකුත් එහිදී විශේෂයෙන්ම ගිය වසරට සාපේක්ෂව 10.5% වර්ධනයක්, සේවා අංශයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 367ක ප්‍රමාණයකිනුත් වර්ධනය වෙලා තියෙනවා. ගිය වසරට සාපේක්ෂව අපි දකිනවා 24.5% වර්ධනයක්. සමස්තයක් ලෙස ගත්විට ගිය වසරේ ජනවාරි මාසයට වඩා 2026 ජනවාරි මාසයේ අපනයන කාර්ය සාදනය 13.7% කින් වාර්ධනවෙලා. එහිදී විශේෂයෙන් කැපීපෙන අපනයන ක්ෂේත්‍රය වන්නේ තේ, පොල්, රබර්, ආහාර හා පාන වර්ග ඉලෙක්ට්‍රිකල්, ඉලෙක්ට්‍රොනික්, එළවළු, පළතුරු, මුහුදු ආහාර, විශේෂයෙන් කැපී පෙනෙවා වෙළෙඳ භාණ්ඩ. ඒ වගේම සේවා අංශය පැත්තෙන් ගත්තොත් තොරතුරු තාක්ෂණය"

රටම හෙල්ලූ අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ අනෙක් වෙඩික්කරුත් අත්අඩංගුව

රටම හෙල්ලූ අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ අනෙක් වෙඩික්කරුත් අත්අඩංගුව